බලය හිමි කර ගැනීම ප්‍රධාන ඉලක්කය ප්‍රධාන ඉලක්කය බැවින්, තනතුරු ගැන නොසිතා සියල්ලම වැඩට බැසිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ කොල්ලුපිටිය සිය නිවසට ඊයේ (14) පැමිණි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අමතමිනි.
වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත්තේ පක්ෂයට ලැබුණු ඡන්ද ලක්ෂ දෙකහමාරෙන් රටෙි නායකයකු බිහි කිරීමට නොහැකි බවත්, පක්ෂයට නොලැබුණු ඡන්ද ප්‍රමාණය යළි ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්ය.
ජේ .ආර් ජයවර්ධන මහතා කළ දේශපාලන සටනේ ප්‍රතිඵලක් ලෙස 1977 දී එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක ඓතිහාසගත ජයග්‍රහණය හිමි වූ බවත්, වර්තමාන තත්ත්වය ඊට වෙනස් වුව ද එවැනි ගමනක් යාමට සැලසුම් කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි මෙන්ම කන්ද උඩරට කලාපයේ ඊ. එල් .සේනානායක, අනෙක් පසින් සිරිල් මැතිව්, පෝල් පෙරේරා, වින්සට් පෙරේරා යන මහත්වරුන් ප්‍රාදේශිය මට්ටමින් දේශපාලනය කරද්දී තිරය පිටුපසින් සිට එච්.ඩී.පී. පණ්ඩිතරත්න, එස්මන්ඩ් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් වරයෙක් වූ ජී.වී.පී.සමරසිංහ යන මහත්වරුන් ඊට අදාළ පසුබිම සකස් කර දුන් බවද රනිල් වික්‍රමසිංහ මහතා ජ්‍යේෂ්ඨයන්ට සිහිපත් කර දුන්නේය.