ඩොලර් ගෙන එන පිරිසට වාසියක්

කොවිඩ් වසංගතය හමුවේ මතුවී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා සහාය වන්නැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලාංකිකයන් මව්බිමට එවන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් 2ක මුදලක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර පැවති හමුවකදීය.

ජී 20 අන්තර්-ආගමික සංසදයට එක්වීම සඳහා ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සුහද හමුවක් ඊයේ ‍බොලොඤ්ඤාහීදී පැවැත්වුණි.

මේ අතර ඉතාලියේ වසර 20ක සේවා කාලයකින් පසුව එරටින් ලබාදෙන විශ්‍රාම වැටුප මව්බිමට පැමිණි පසුවද ලබා ගැනීමට ක්‍රමවේදයක් සකස් කර දෙන්නැයි ඔවුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

එම යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි රජය සමඟ සාකච්ඡා කරන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාට අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේම උපදෙස් ලබා දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *