ඩෙල්ටා ශ්‍රී ලංකාවේදී වෙනස් වෙයි – නවතම පර්යේෂණයෙන් හෙළිවූ කරුණු

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ “විකෘතිතා” තුනක් සහිත ආසාදිතයින් ලොව පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකදී ඒ බව හෙළිවී ඇති බව සඳහන් වෙයි.

එම පර්යේෂණය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කරුණු ඉදිරිපත් කළේය.

ඔහු පැවසුවේ මෙවර විශ්ලේෂණ පර්යේෂණය සඳහා සාම්පල 88ක් භාවිත කළ බවය. ඉන් 84ක්ම ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් බවට හඳුනාගැණුනි.

“ශ්‍රී ලංකාව තුළ එම විකෘතිතා 3ම සහිත රෝගීන් හඳුනාගෙන තිබේ. කොළඹ නගරය තුළ මේ විකෘතිතා 3ම ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරනවා”.

ඔහු පැවසුවේ මෙවැනි තත්ත්වයක් ලොව හමුවී ඇත්තේ පළමුවරට බවය.

A 701S නම් ජාන විකෘතිය වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පමණි.

A 222V කියන විකෘතිය ලොව විවිධ රටවලින් හමුවෙනවා. එහි පැතිරීම බෝවීමේ හැකියාව වේගවත්”.

ඔහු තවදුරටත් පැවසුවේ A 1078S නම් විකෘතිය මෙතෙක් හමුවී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් සහ මැලේසියාවෙන් පමණක් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *