ඩෙල්ටා භයානකම ප්‍රභේදය නොවෙන්නත් හැකි බව මහාචාර්ය ඉනෝක සී. පෙරේරා පවසයි

කොවිඩ් වෛරසය මිනිසුන්ට ආසාදනයවීම ආරම්භ වූ පසු එහි විකෘතිතා ඇතිවීම නිරන්තරයෙන් සිදුවෙන බවත් ප්‍රබලත්වය වැඩිවෙන බවත් මහාචාර්ය ඉනෝක සී. පෙරේරා මහතා පවසයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශයේ අණුක ජීවවිද්‍යාඥ, මහාචාර්ය ඉනෝක සී. පෙරේරා මහතා සඳහන් කළේ මෙම වෛරසය පිළිබඳව තවමත් සම්පූර්ණ තොරතුරු මිනිසුන් නොදන්නා බවය.

ඒ අනුව මෙම වෛරසය පිළිබඳ දත්ත ලබා ගැනීමට තවදුරටත් පර්යේෂණ කළ යුතු බවද මහාචාර්යවරයා පැවසීය.

“වෛරස ප්‍රභේදයක ප්‍රබලත්වය තීරණය වෙන කාරණා බොහොමයක් තියෙනවා. විශේෂයෙන් මේ වෛරසය මිනිසුන්ට ආසාදනය වෙන්න පටන් ගත්තාට පස්සේ අපි දැක්ක දෙයක් තමයි එහි විකෘතිතා ඇතිවීමේ ප්‍රවණතාවය ඉතාමත් ඉහළයි. මේ වෛරසයේ හැසිරීම ගැන අපි සම්පූර්ණයෙන්ම දන්නේ නෑ. ඩෙල්ටා ප්‍රභේදය කියන්නේ අපි දැකපු භයානකම ප්‍රභේදය නොවෙන්නත් පුළුවන්. ඉස්සරහට එන්නත් පුළුවන්. කාලයත් සමග ප්‍රබලත්වය අඩුවෙලා යන්නත් පුළුවන්.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *