ඩෙල්ටා ආසාදනය වූ රෝගීන් හඳුනාගත් ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හමුවී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයින්ගෙන් අහඹු ලෙස ලබාගත් සාම්පල වලින් එම ආසාදිතයින් හඳුනාගත් බවය.

ඒ අනුව එම සාම්පලවල ප්‍රතිඵල අනුව හඳුනාගෙන ඇති කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 117කි.

ඇල්ෆා ප්‍රභේදයට සාපේක්ෂව 60% ක සම්ප්‍රේෂණ හැකියාවක් ඇති ඩෙල්ටා ප්‍රභේදය පළමුවරට මෙරටින් හඳුනාගැනුණේ පසුගිය ජුනි 17 වනදා ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යාතනය විසින් වැඩිදුරටත් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයන් මගින්  නව ඩෙල්ටා ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

දිවයින පුරා අහඹු ලෙස තෝරාගත් කොවිඩ් ආසාදිතයින් 94 දෙනෙකුගේ ජෛව සාම්පල් පරීක්ෂණ අනුව සිදුකර ඇති ජානමය අනුක්‍රමණ පරීක්ෂණ අතුරින් එම ආසාදිතයින් හමුවී තිබේ.

ඉන් බහුතරයක් බස්නාහිර පළාත තුලින් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

මෙම නව ඩෙල්ටා ආසාදිතයින් වාර්තා වන්නේ රාගම, කඩවත, කොළඹ, අංගොඩ, කොටිකාවත්ත, බියගම, නුගේගොඩ, බොරලැස්ගමුව, ගල්කිස්ස, මහරගම, පිළියන්දල, බණ්ඩාරගම, පානදුර, ගාල්ල, මාතර, රත්නපුර, මහනුවර, අම්පාර, කුරුණෑගල, වවුනියාව සහ යාපනය යන ප්‍රදේශවලිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *