ඩඩ්ලි සිරිසේන බන්දුල ගුණවර්ධනට අභියෝග කරයි

වෙලද පොලේ පවතින සහල් මිල සම්බන්ධයෙන් සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යාංශයේ දී විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) දිනයේ පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම මෙරට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් සහභාගී වී සිටි අතර එහිදී අමාත්‍යංශ නිලධාරීන් පෙන්වා දුන්නේ තමන් සතුව ඇති සංඛ්‍යා ලේඛණ අනුව රට තුළ කිසිම සහල් හිගයක් ඇතිවීමට ඉඩක් නොමැති බවයි. එමෙන්ම සහල් හිගයක් ඇති වීමට බලපා ඇත්තේ වී තොග සඟවා තැබීම බවත් ඔවුන් පෙන්වා දුන්හ.

එහිදී මෙරට ප්‍රධාන පෙළේ සහල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ කොතැනක හෝ ලංකාවේ සගවා ඇතැයි කියන සහල් හෝ වී තොග පෙන්වන්නැයි තමා අභියෝග කරන බවයි. සංඛ්‍යා ලේඛන වල ඇති නිෂ්පාදනය මෙරට තුළ නැති බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංඛ්‍යා ලේඛන හදන්නේ බිම් ප්‍රමාණයට බවත් ඊට සමාන වී අස්වැන්නක් මෙරට නොමැති බවත් ඔහු කියා සිටියා.

අවසානයේ බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ ව්‍යාපාරිකයන් සඟවාගෙන සිටින සහල් තොග එළියට දමන්නේ නැතිනම් විදේශයන්ගෙන් සහල් මෙට‍්‍රික් ටොන් ලක්ෂයක් පමණ ගෙන්වීමට කටයුතු කිරීමට සිදුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *