කොවිඩ් සහ ආර්ථික අර්බුදය හේතුවෙන් වසර තුනකට අධික කාලයක් නතරව තිබූ මෙරට සංවර්ධනය යළි ඇරැඹූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
එම සංවර්ධන වැඩ සඳහා රාජ්‍ය යන්ත්‍රණයේ උපරිම සහයෝගය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීය.
පළාතට, දිස්ත්‍රක්කයට හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගැලපෙන සංවර්ධන ව්‍යාපෘති හදුනා ගැනීම දිස්ත්‍රික් සම්බන්ධිකරණ හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවල වගකීම බවද සඳහන් කළ ඇමතිවරයා එම සංවර්ධන කටයුතු හදුනා ගැනීමේදී මහජන අදහස් හා යෝජනා ලබා ගත යුතු බවද කියා සිටියේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කදුකර දශකය සංවර්ධන වැඩසටහන පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එය පැවැත්විණි.
ජුලි මස 31 වැනිදාට අවසන් කිරීමට හැකි ව්‍යාපෘති පමණක් සිදු කරන ලෙසද අමාත්‍යාවරයා මෙහිදී අවධාරණය කළේය.
මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ.ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.