ප්‍රවාහන ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ජුනි 15 වැනිදා සිට ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
දැනට රටේ පවතින පොදු ප්‍රවාහන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන් අතර හමුවක් සෙනසුරාදා (04) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
රටේ පවතින ඉන්ධන අර්බුදය සහ රටේ ඉහළ යන ජීවන වියදම හමුවේ මගී ජනතාව මුහුණ දෙන ප්‍රවාහන ගැටලු විසඳීම සඳහා කෙටි කාලීනව ගත යුතු ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
ඒ අනුව එදිනෙදා කටයුතු මෙන්ම කාර්යාල දුම්රිය සහ බස් සේවා, පාසල් ළමුන් සඳහා ප්‍රවාහන සේවා මෙන්ම අත්‍යාවශ්‍ය සේවා (ගිලන් රථ ආදිය) දින කිහිපයක් ඇතුළත ප්‍රවාහන මාධ්‍ය වැඩිදියුණු කිරීමට ප්‍රධාන තීරණ කිහිපයක් ගනු ලැබිණි.