’’ජීවත්වන ගෙදරටත් බදු ගහන්න එකඟ වෙලා’’

පුද්ගලයන්ගේ  පළමු නිවාසයට බදු ගහන්නේ නැතැයි ජනාධිපති කිව්වත් මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව  පළමු නිවාසයටත් බදු ගහන බව සඳහන්ව තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා මේ බද්ද  ඉවත් කරගන්නා බව කියනවා නම් සතුටු වෙන බව කී මන්ත්‍රීවරයා නමුත් මූල්‍ය අරමුදලේ ගිවිසුම වචනයක්වත් වෙනස් කරන්නට බැරි බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා  කියා තිබෙන්නේ යැයිද පැවසීය.

ඊළඟ මාස හතරේ නිර්මාණය වන අලුත් ආණ්ඩුව යටතේ මේ අසාධාරණ බදු වෙනස් කරන බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *