එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම රජය ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනීග්‍රෝ සහ බි්රතාන්ය එක්ව ඉදිරිපත් කරන නව යෝජනාවට සම අනුග්‍රහය ලබාදීම ආණ්ඩුව මෙසේ ප්‍රතික්ෂේප කර තිබේ.
රජය අවධාරණය කර සිටින්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්වාධිපත්‍යට එරෙහි යෝජනාවකට කිසිම විටක එකඟවීමට නොහැකි බවයි. එමෙන්ම 2019 දී රජයට ලැබුණු ජනවරමට පටහැනි කිසිම යෝජනාවකට එකඟ විය නොහැකි බවද රජය අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.