ජලගැලීම් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ෆ්ලොරිඩා හිදී හිරවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයට බලපෑ ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බලපෑම් එල්ලවී තිබේ.

ඒ අනුව ඊයේ (13) බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ජලගැලීම් තත්ත්වය සහ වර්ෂාව හේතුවෙන් ෆ්ලෝරිඩා නුවරින් පිටත්ව යාමට හැකිවී නොමැත.

පවතින තත්ත්වය හමුවේ ගුවන් ගමන් වාර රැසක් අවලංගු වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට සිදුවී ඇත්තේ අද (14) දිනයේදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය ජුනි 17 වනදා නෙදර්ලන්තයට එරෙහිව ශාන්ත ලුසියා හිදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *