හිටපු පොලිස් ලොක්කන්ගෙන් අනතුරු ඇඟවීමක්

අතීතයේදී ප්‍රචණ්ඩකාරී දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වූ දේශපාලන කණ්ඩායම් යළිත් වරක් එවැනි ක්‍රියාකාරකම්වල නිරත නොවනු ඇති බවට විශ්වාස කළ නොහැකි බව හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසයි.

හිටපු පොලිස්පතිවරුන් සහ හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහභාගී වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

පිටකෝට්ටේ පිහිටි පෞද්ගලික හෝටලයක ඊයේ (13) පෙරවරුවේ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණි.

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා,

“1971 ඒ කැරැල්ලෙන් පස්සේ විශාල පුනුරුත්ථාපනය කිරීමක් රජය විසින් සිදු කළා. අපි සෑම කෙනෙක්ම හිතුවා මෙතනින් කැරැල්ල අවසාන වෙයි කියලා. නමුත් අවාසනාවකට 1989 නැවත වරක් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව ඇති වෙලා ලංකාවේ දේපොළ සහ ජීවිත විනාශ වුණා. අපි ඊට පස්සෙත් හිතුවා මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව නතර කරයි කියලා. නමුත් අවාසනාවකට 2022 මැයි මස 09 වනදා ගෙවල් 91ක් එකම රැයේදී විනාශ කිරීමට තරම් සංවිධාන වූ පිරිසක් බව දැන් පෙනී ගියා. ඉතිං මෙවැනි දේවල් කරන කොට ඉදිරියට මේක නොකරාවි ද ?”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *