ජපානයේ කවාගුචි නඟරයෙන් ශ්‍රී ලංකාවට ගිලන්රථයක්

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සන්ජීව් ගුණසේකර ගේ ඉල්ලීමක් පරිදි සයිතමා ප්‍රාන්තයේ කවාගුචි නගරයේ නගරාධිපති නොබූඕ ඔකුනොකි විසින් ඉතා උසස් තත්වයේ භාවිතා කරන ලද ගිලන් රථයක් ඉකුත් මැයි මස 27 වන දින කවාගුචි නගරයේ පැවති නිල උත්සවයකදී තානාපති තුමන් හට භාර දෙන ලදී.

දෙදෙනා අතර කලකට ඉහතදී ගිනි නිවන උපකරණයක් ලබා ගැනීම පිළිබඳ සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කර ඇත.

මෙම උත්සව අවස්ථාවට කවාගුචි නගරයේ නගරාධිපති  ප්‍රාදේශීය දේශපාලනඤයින් හා ධානපතීන් පිරිසක් සහභාගී විය.

මෙම ගිලන් රථය ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීම සදහා වන පිරිවැය කවාගුචි නගරයේ තොරතුරු තාක්ෂණ සමාගමක් වන සයිනෙට් කෝපරේෂන් සහ සයිතමා ප්‍රාන්තයේ රොටරි සමාජය විසින් දරනු ඇත.

කවාගුචි නගරයේ නගරාධිපතිතුමන්ට සහ එම නගර වැසියන් හට සිය ස්තුතිය පිරිනමන ලද අතර ශ්‍රී ලංකාව තුල ඉතා වේගයෙන් ඉහල යන කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හමුවේ මෙය ඉතාමත් කාලෝචිත පරිත්‍යාගයක් බව තානාපතිතුමන් සඳහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *