ජනාධිපති අපේක්ෂකයා මෙන්ම ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් ඕනෑ

ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා වැදගත් මෙන්ම ඒ අපේක්ෂකයා සමඟ රට ඉදිරියට ගෙන යෑමට ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළත් වැඳගත් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ඊයේ(8) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ(8) පැවති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණය තුළ දේශපාලන වශයෙන් ජයග්‍රාහි දේශපාලන ව්‍යාපාරය බවට පත්වන බවත් ජනාධිපතිවරණයකදි මූලික කාරණා කිහිපයක් වැඳගත් වන බවත් ඒ මහතා කීය.

අපේක්ෂකයා  තීරණාත්මක වැදගත් සාධකයක් වුවද අපේක්ෂකයා කියන කාරණාව  ජනාධිපතිවරණයකට  එකම කාරණය නොවන බව කී ඒ මහතා ජනාධිපතිවරණ මෙහෙයුම ඡන්ද ජය ලබන සටනක් හැටියට මෙහෙයවන්නේ කොහොමද?  එය මහා පොළොවේ ක්‍රියාත්මක කරන්නේ කොහොමද? දේශපාලන ව්‍යාපාරයකට එතැන් සිට එළඹෙන ඉතිරි අවුරුදු පහ සඳහා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ කුමක්ද යන කරුණු වැඳගත් බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *