ජනවාරි පළමුවැනිදා රාජ්‍ය සේවක ප්‍රතිඥාව වෙනස් වෙයි

නව වසරේ ජනවාරි පළමු වන දා රාජකාරි ආරම්භ කිරීමේදී රාජ්‍ය සේවකයන් ලබා දෙන ප්‍රතිඥාව මෙවර වෙනස් වනු ඇති බව ත් එය රජය විසින් එදින අරඹනු ලබන ‘Clean Sri Lanka’ වැඩපිළිවෙල සමග බද්ධ වූ ප්‍රතිඥාවක් වනු ඇති බව වාර්තා වෙයි.

නිසි සනීපාරක්ෂාවක් සහිත වටපිටාවක් නිර්මාණය කිරීම, අල්ලස් දූෂණ රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයෙන් තුරන් කිරීම, ඩිජිටල්කරණය කිරීම ඇතුළු නව්‍ය වැඩපිළිවෙල සහිත ‘Clean Sri Lanka’ සංකල්පය බහුවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට සැලසුම් කර ඇත.  එම වැඩපිළිවෙල නිල වශයෙන් දියත් වීම ලබන  2025 ජනවාරි 01 වන දා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

එහිදී ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දීමේදී එය මෙවර ‘Clean Sri Lanka’ වැඩසටහන නිසි ලෙස ක්‍රියාත්මක කරවීමේ ප්‍රතිඥාවක් ද ඇතුළත් කෙරේ. මෙම ආරම්භක උත්සව අවස්ථාවට ඇමතිවරුන්ද තානාපතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් ද සහභාගි වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *