ජනපති ජපානය සහ පිලිපීනය බලා පිටත්ව යයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වන ජනාධිපතිවරයා පිලිපීනයට යාමට පෙර ජපාන අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව එහි සඳහන්.

මේ අතර ජනාධිපතිවරයාගේ නිල විදෙස් සංචාරයේදී ජනාධිපතිවරයාගේ විෂය පථයට අයත් අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන් ඔවුන්ගේ මෙහෙයුම් අධීක්ෂණය සඳහා වැඩබලන අමාත්‍යවරුන් ලෙස පත් කිරීමට නියමිතයි.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර, වැඩ බලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, වැඩබලන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පත් කර තිබෙනවා. වැඩබලන කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස වැඩබලන තාක්ෂණ අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *