ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝගාතුරුව සිටින හිටපු අමාත්‍ය සහ එජාප ප්‍රබලයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් විමසීමට කුරුණෑගල කටුගම්පල නිවසට ගියේය.
ජයවික්‍රම මහතා සහ පවුලේ ඥාතීන් සමග සුහඳ කතාබහක නිරත වූ ජනාධිපතිවරයා එම නිවස අසලට රැස්ව සිටි ප්‍රදේශයේ ජනතාව සමඟ ද පිළිසඳරකට එක් විය.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුතණුවන් වන වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රී අසංක ජයවික්‍රම මහත්වරුද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.