ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙක බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අනුරාධපුරයේ දී පැවැසීය.
අනුරාධපුර දිස්ත්‍රික් එජාප සම්මේලනය ඇමතූ රංගේ බණ්ඩාර මහතා මීළඟ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන් ඉදිරිපත්වන නිසා සියලුම දෙනා ඊට සූදානම් වන්නැයි ද ඉල්ලා සිටියේය.
2020 දී මහ මැතිවරණයෙන් පක්ෂය වැටුණු වැටිල්ල නිසා නැවත නැඟිටීමක් නැතැයි බොහෝදෙනා සිතුවා. නමුත් රට අමාරුවට පත් වූ අවස්ථාවේ නොබියව ඉදිරිපත්ව රට ඉදිරියට ගෙනයාමේ අභියෝගය බාරගත්තා. අවුරුදු දෙකක් ගතවීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා රට නැවතත් නිවැරදි මාවතට යොමුකර ආර්ථිකය ගොඩගැනීමට පියවර ගනිමින් සිටිනවා . ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දී ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපති ධුරයට නැවත පත්කරන්නැයි ඉල්ලා සිටිනවා.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බවට මෙම සමුළුවේ දී විශේෂ යෝජනාවක් ඉදිරිපත් වූ අතර එය ඒකමතිකව සම්මත විය. පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් එජාප සම්මේලනය මේ වනවිටත් පැවැත්වේ.