ජංගම දුරකථන ක්‍රීඩා කිරීමට නොදුන් නිසා අවුරුදු 15ක සිසුවෙක් දිවිහානි කරගනියි

ජංගම දුරකථනයෙන් වීඩියෝ ක්‍රීඩා කිරීමට නොදුන් නිසා මව සමග උරණ වූ 15 හැවිරිදි පාසල් සිසුවෙකු දිවිහානි කරගැනීමේ සිද්ධියක් වාර්තා විය.

මෙලෙස මියගොස් ඇත්තේ රොටුඹ ප්‍රදේශයේම ජීවත්වූ මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 10 වසරේ ඉගනුම ලැබූ සෙනුර ප්‍රමෝද්‍ය නිපුනගේ නමැති දරුවෙකි.

ඔහු මෙම ක්‍රීඩා සඳහා ඇබ්බැහිවී සිටි දරුවෙකු බව අනාවරණය වේ.

පසුගිය දිනවලදී ඔහු ඔන්ලයින් අධ්‍යාපන කටයුතු සඳහා සහභාගී නොවන බවට ගුරුවරුන් ඔහුගේ දෙමව්පියන්ට පැමිණිලි කිරීම නිසා දරුවාගේ මව පසුගිය 23වනදා ඔහුගෙන් ජංගම දුරකථනය ආපසු ලබාගෙන තිබුණි.

ඊට උරණ වූ සෙනුර දෙමව්පියන් නිවසේ නොමැති අවස්ථාවක මෙම දරුණු තීරණය ගෙන තිබුණි.

එම සිද්ධියත් සමග අනාවරණය වූ තවත් කරුණක් වන්නේ මාතර රොටුඹ ප්‍රදේශයේ පාසල් ළමුන් අතර මේ දිනවල ජංගම දුරකථන ක්‍රීඩාවක් දැඩිව පැතිර තිබෙන බවය.

රොටුඹ ප්‍රදේශයේ මේ සඳහා ඇබ්බැහි වූ දරුවන් රැසක් සිටින බව අපට පැහැදිලි වුණේ දෙමව්පියන්ගේ ප්‍රකාශවලිනි.

ඒ අනුව ජංගම දුරකථන ක්‍රීඩාවලට ඇබ්බැහි ව සිටින දරුවෙකුගේ මවක් සඳහන් කළේ, “දරුවන් හරි දරුණුයි, පොලීසිත් ගියා, අපිට ගහන්න එනවා.”

කොවිඩ් වසංගතය හමුවේ පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකෙරන්නේ ඔන්ලයින් ක්‍රමයට බැවින් ඔවුන්ට ජංගම දුරකථනය හෝ අදාළ වෙනත් උපාංගයක් ලබාදිය යුතුමය.

නමුත් දරුවන් ඒ හරහා කරන්නේ පාඩම් වැඩම ද? යන්න පිළිබඳව දෙමව්පියන් නිසි විමසිල්ලෙන් පසුවිය යුතුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *