ගෝමගලදී කිලෝ 1,044කට අධික ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ගෝමගල ප්‍රදේශයේ සිදුකළ වැටලීම් දෙකකදී කිලෝග්‍රෑම් 1,044කට අධික ගංජා තොගයක් සහ ගංජා පැළ 54,096ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් මත වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් මෙම වැටලීම් සිදුකර ඇත.

එහිදී ගංජා කිලෝග්‍රෑම් 1,044යි ග්‍රෑම් 180ක් සහ ගංජා වගාවක් තුළ තිබූ පැළ 54,096ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 සහ 38 වයස්වල පසුවන එතඹලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කළේය.

සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා හම්බේගමුව පොලිසිය වෙත භාරදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *