LK reports news sinhala

ගෝඨා ඇතුළු පිරිස අනුරාධපුරයෙන් මහනුවරට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද(13) පෙරවරුවේ අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ගැනීමෙන් පසු මහනුවර දක්වා ගමන් අරඹා ඇත.

හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පොදුජන පෙරමුණු මන්ත්‍රීවරු පිරිසක් ඒ සඳහා සහභාගීවී සිටිති.  ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සිට මහනුවර බලා අද(13) පස්වරුවේ ගමන් ඇරඹිය. අද පෙරවරුවේ අනුරාධපුර මිරිසවැටිය විහාරයට ගිය ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස එම විහාරාධිපති හිමියන්ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අද පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝධිය වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත් අතර ලංකාරාම විහාරයට ගොස් එම විහාරාධිපති හිමියන්ගේ ද ආශිර්වාද ලබා ගත්හ.

අනුරාධපුර මාතලේ හන්දියෙන් ගමන් ආරම්භ කෙරුණු අතර ගල්කුළම හන්දිය, තිරප්පනේ හන්දිය, මරදන්කඩවල, කැකිරාව, මඩාටුගම, මාතලේ බුලාගල හන්දිය, දඹුල්ල නගරය හා නාඋල යන ස්ථානවල ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සව සංවිධානයකර ඇති අතර ඒ මහතාට මඟ දෙපස උණුසුම් ජනතා ප්‍රතිචාර හිමිවිය.

පසුගිය 11 වැනිදා පැවැති පොදුජන පෙරමුණු ජාතික සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පසු කැලණිය රජමහා විහාරයට ගොස් ආශිර්වාද ලැබූ ඒ මහතා ඇතුළු පිරිස පසුදින අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහ සෑ රදුන් අභියස අධිෂ්ඨාන පූජාවකටද එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *