LK reports news sinhala

ගෝඨා ජනපති අපේක්ෂක කළේ ඇයිදැයි ෆොන්සේකා කියයි

රටේ ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය දීම අරමුණු කරගනිමින් ඊට සුදුසුම කෙනා යැයි සිතන ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ විසින් ජනපතිවරණයට ඉදිරිපත් කර ඇතැයි හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

වර්තමානයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දිය යුතු බව පොදුජන පෙරමුණ සිතූ නිසා එම තීරණය ගෙන ඇති බවත් එක්සත් ජාතික පක්ෂය එවැනි මතයක නොමැති නිසා වෙනත් අයකුට ජනපති අපේක්ෂකත්වය දීමට උත්සාහ කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අද(13) පැවැති මාධ්‍ය හමුවකදී එසේ අදහස් දැක්වූ සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ නායකයා ගන්නා තීරණයේ තමාද සිටින බවයි.

(Image – newsradio.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *