ගෝඨාභය රාජපක්ෂගේ දැන්වීමට යුද හමුදාපති යොදාගැනීම “වැරදියි”

වත්මන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රකාශයක් සහ රුව සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ප්‍රවර්ධනය කරමින් පසුගිය සති අන්ත පුවත්පත් කිහිපයක පළ කළ දැන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

“ඒක වැරදියි කියන එක අපි අදාළ අපේක්ෂකයාගේ පක්ෂයට දැනුම් දුන්නා. ඒ එක්කම ජනාධිපති ලේකම්වරයාටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් මේ ගැන කරුණු දක්වන්න කියලා අපි ලිපි යොමුකළා” යැයි අද (ඔක්තෝබර් 16) කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේය.

BBC

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *