LK reports news sinhala

ගෝඨාභය අනුරාධපුරයේ : රුවන්වැලි සෑ රදුන් අභියස ආශිර්වාද ලබයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය හිමිකරගත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (12) අනුරාධපුර රුවන්වැලි මහ සෑ රජුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේය.

එම අවස්ථාවට හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.

රුවන්වැලි විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය හමුවූ ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ අධිෂ්ඨාන පූජාවකට හා ජය පිරිත් දේශනාවකටද රුවන්වැලි සෑ භූමියේදී එක් විය. අද රට ශක්තිමත් නායකයකු ඉල්ලා සිටින බවත් බොහෝ දෙනෙක් එම රික්තය පිරවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තුවන බවත් පෞද්ගලික අපේක්ෂා දෙවැනි තැනට දමා පළමුව දෙවනුව හා තෙවනුවද රට යන්න පෙරට ගෙන රට ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නැයිද එහිදී පල්ලේගම හේමරතන හිමියෝ ඉල්ලා සිටියහ. ජනතා අපේක්ෂාව මුදුන්පත් කිරීමේ හැකියාව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති බවත් ගමන්මග නිවැරදිව යන තුරු මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබෙන බවත් උන්වහන්සේ කියා සිටියහ.

ඊයේ(11) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කෙරුණු අතර ඉන් පසු එදිනම සවස කැලණිය රාජමහා විහාරය වෙත ගොස් ආශිර්වාද ලබාගත් අතර අද මෙසේ අනුරාධපුර පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට ඒ මහතා ඇතුළු පිරිස එක්වූහ.

(Image – ලංකාදීප වෙබ් අඩවියෙනි)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *