LK reports news sinhala

සජිත් වෙනුවෙන් බදුල්ලේ රැලියක්

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදමින් පවතින බව දේශපාලන ආරංචි පවසයි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ උත්සවයක් අද(12) බදුල්ල විල්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම රැලිය සංවිධානය කර තිබූ අතර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එම රැලියට එක්ව සිටියේය.

රටක් පාලනය කළ හැක්කේ ගජ මිතුරු කල්ලියකට නොව දක්ෂතාවයට තැන දෙන අයට බවත් ත්‍රස්තවාදය හා ත්‍රස්තවාදීන් අනිවාර්යයෙන්ම විනාශ කරන බවත් එහිදී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. එසේම තමා නොවැම්බර් මාසයේදී ජනතාව අතරින්ම යා යුතු තැනට යන බව කීවේය.

(Image – Colombo Gazette)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *