වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් අද (22) සිට දින තුනක කාලයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ මහතා පවසන්නේ ගතවු පැය 24ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති බවත්, මෙරට දෛනිකව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9ක් – 10ක් වැනි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බවත්ය.
මෙම රිය අනතුරු සිදුවීමට මුලික හේතුවක් වී ඇත්තේ ඇතැම් වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් බවත්, ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටින්නේ.
ඒ අනුව ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාවද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාවද පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ.