ගෙවී ගිය ටයර හා අඩුපාඩු සහිත වාහන සොයා විශේෂ මෙහෙයුමක්

වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීම සඳහා අඛණ්ඩ මෙහෙයුමක් අද (22) සිට දින තුනක කාලයක් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ ගතවු පැය 24ක කාලය තුළ පුද්ගලයින් 8 දෙනෙක් පමණ මියගොස් ඇති බවත්, මෙරට දෛනිකව අනතුරු හේතුවෙන් පුද්ගලයින් 9ක් – 10ක් වැනි සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වන බවත්ය.

මෙම රිය අනතුරු සිදුවීමට මුලික හේතුවක් වී ඇත්තේ ඇතැම් වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් බවත්, ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටින්නේ.

ඒ අනුව ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාවද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාවද පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *