ගුවන් යානයක එල්ලී පැනයාමට තැත්කළ ඇෆ්ඝන් වැසියන් දෙදෙනෙක් බිමට වැටෙයි

තලෙබාන් සටන්කාමීන් විසින් ඇෆ්ඝනිස්ථානයේ බොහෝ ප්‍රදේශ තම ග්‍රහණයට හසුකර ගැනීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට එරට අගනුවර වන කාබුල් නගරයේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට පිටත්වීමට සුදානම්වන ගුවන්යානා වෙත නැගීමට ඇෆ්ඝන් වැසියන් දැඩි වෙහෙසක් දරයි.

සමහරු ගුවන්යානාවල එල්ලී හෝ එරටින් පිටවීමට උත්සාහ දරති.

එවැනි දෙදෙනෙක් දැවැන්ත ගුවන්යානයකින් බිමට වැටෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වෙයි.

2001 වසරේ සිට වසර 20ක් අමෙරිකාව සහ නේටෝ හමුදා ඇෆ්ඝනිස්ථානයේ බලය තහවුරු කරගෙන සිටියහ. නමුත් පසුගියදා ඔවුන් එරටින් පිටත්වීමට කටයුතු කළේය.

ඒ සමගම සිය අවි බලය යොදාගත් තලෙබාන් සටන්කාමීන් ඉතා කෙටිකලකදී එරට බලය නැවතත් ඩැහැ ගැනීමට සමත්විණි.

කාබුල් ගුවන්තොටුපොළේ ඇතිවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් කිහිපදෙනෙක් මියගොස් ඇති බවද විදෙස් මාධ්‍ය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *