ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමට නියමිත වේලාවට ගුවන් ටිකට්පත් ලබාදීමට නිලධාරීන් අපොහොසත් වීම නිසා නියමිත පරිදි කොලොම්බියාවේ කැලි හි පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා කනිෂ්ඨ ශූරතාවලියට යාමට නොහැකි විය.
තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු තරඟ කිරීමට නියමිතව තිබුණි.
“ශ්‍රී ලංකා කනිෂ්ඨ කණ්ඩායම සහ ඔවුන්ගේ දෙමාපියන් ඔවුන්ට යුක්තිය ඉල්ලා එක රැයකින් ටොරින්ටන්හි විරෝධතාවයේ නිරත වූහ. ඔවුන් විසඳුම් සොයමින් ඉහළ මලල ක්‍රීඩා නිලධාරීන්ගේ ඉල්ලා අස්වීම් අපේක්ෂා කරති. ලෝක කනිෂ්ඨ ශූරතාවලිය සඳහා කැලි වෙත යාමට කණ්ඩායමට නිසි ගුවන් ටිකට්පත් ප්‍රතික්ෂේප කරන ලදී” ක්‍රීඩා මාධ්‍යවේදිනී අංජන කළුආරච්චි ට්වීට් කළේය.