ගුරු – විදුහල්පති සංගම් දෙමව්පියන්ගේද සහයෝගය පතයි

ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවේදී ආණ්ඩුවේ හැසිරීම තේරුම්ගෙන සිය අරගලයට සහයෝගය දක්වන්නැයි ලංකා ගුරු සංගමය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.

එහි ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, ආණ්ඩුව තමන්ට අවශ්‍ය පනත් පමණක් කඩිනමින් සම්මත කරගනිමින් සිටින බවය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

“ආණ්ඩුව තමන්ට අවශ්‍ය පනත් කඩිනමින් සම්මත කරගන්නවා. තමන්ට ඕන දේවල් කඩිනමින් කරනවා. ගුරු සහ විදුහල්පතිවරුන්ගේ ගැටලු විසඳන්න මේ වෙනකොට මාස 2කට ආසන්න කාලයක් අරන් තියෙනවා. අපි මේ රටේ දෙමව්පියන්ගෙන් ඉල්ලනවා.. ආණ්ඩුවේ මේ හැසිරීම තේරුම් අරගෙන ගුරු – විදුහල්පති අරගලයට සහයෝගය ලබාදෙන්න කියලා.”

“දැන් විදුහල්පතිවරු ගුරුවරු බිය ගන්වමින් ඉන්නවා. අපි බය වෙන්නේ නෑ. හොරණ OIC ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලියුම් යවලා තියෙනවා උද්ඝෝෂණවලට සහභාගී වෙච්ච ගුරුවරු මැරිල තියෙනවා ද? පොසිටිව්වෙලා තියෙනවා ද? කියලා අහලා. ඒ විස්තර එවන්න කියන්න OIC ට තියෙන බලතල මොනවද? වගකීමෙන් කියනවා.. උද්ඝෝෂණවලට සහභාගී වුණු කවුරුත් මැරිලත් නෑ.. කොරෝනා ආසාදනයවෙලත් නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *