ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත භාරදී තිබේ.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩල අනුකමිටු සාමාජිකයින් අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වුණි.
එහිදි අනුකමිටුව විසින් සකස් කළ වාර්තාව භාරදී ඇති අතර මුදල් අමාත්‍යාංශ නිලධාරීන් විසින් එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මීළඟ කැබිනට් රැස්වීම සඳහා එය ඉදිරිපත් කිරීමට තීරණය වී තිබේ.
වාර්තාව භාරදීමෙන් අනතුරුව කමිටු සාමාජික අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලු විසඳීම සඳහා සිය වාර්තාවෙන් යෝජනා රැසක් ඉදිරිපත් කර ඇති බවය.