ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට පෙර පංච පුද්ගල කමිටුවක්

ඊයේ (23) මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වැඩබලන පොලිස්පති සීි. ඩී. වික්‍රමරත්න විසින් පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. එම කමිටුවට නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකු ඇතුළත්.

වැඩතහනමට ලක්කෙරුණු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය, අධිකරණයේ නීතිමය කටයුත්තක් සඳහා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමඟ කුමන්ත්‍රණය කළ බවට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බවයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ දැනුම් දුන්නේ. ඉන් අනතුරුව වැඩතහනමට ලක් කෙරුණු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබාගන්නැයි නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට ඊයේ (23) උපදෙස් ලබාදුන්නා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *