ගහෙන් වැටුණු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ගොනත් ඇනලා – අජිත් මාන්නප්පෙරුම

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථිර තැන්පතු සඳහා යහපාලන ආණ්ඩු සමයේ සිට ලබා දුන් සියයට 15ක පොලී අනුපාතය සියයට නවය,දහය මට්ටමකට අඩුකිරීමෙන් වැඩිහිටි පරපුර දැඩි අසීරුතාවකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම  මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මෙලෙස ලැබෙන සොච්චම් පොලියටත් සියයට පහක බද්දක් අය කරන බව කී මන්ත්‍රීවරයා එය  ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ ක්‍රියාවක් බව සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ජීවිත කාලය පුරාම උපයා ගත් මුදල් ඔවුන් බැංකුවක තැන්පත් කරන්නේ දරුවන්ට බරක් නොවී බේත් හේත් ලබා ගැනීමට බවද මන්ත්‍රීවරයා කීය.

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය අඩුකර  ලැබෙන පොලියටත් යලි සියයට පහක බද්දක් ගහනවා නම් ඔවුන් ජීවනෝපාය ගෙනයන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ කළ මාන්නප්පෙරුම මහතා ටින් නම්බර් එකකුත් හඳුන්වා දී තිබියදී මෙලෙස පොලියටත් බදු ගහන්නේ ඇයිදැයි විමසීය.

පොලියට ගහන බද්ද නැවත ගන්න පුළුවන් කියා කිව්වත් එහෙම ගන්න ක්‍රමවේදයක් නැතැයි ද එහෙම ගත්ත කෙනෙකුත් නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *