කොරෝනා

ගම්පොල පදිංචි කන්දකාඩු උපදේශකවරයකුගේ අවුරුදු 2 ක දරුවාටත් කොරෝනා

ගම්පොළ බඹරදෙණිය ප්‍රදේශයේ අවුරුදු දෙකක් වයසැති කුඩා දරුවාටද කොවිඩ් වෛරසය ආසාදනය වී අතැයි මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න පවසයි. ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු වශයෙන් සේවය කරන එම දරුවාගේ පියාගේ මාර්ගයෙන්.

එම දරුවා සහ දරුවාගේ මව කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇති බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පැවසීය.

ඉකුත් 14 වැනිදා උපදේශකවරයාට වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමගම ඔහුගේ පවුලේ අටදෙනකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති අතර, එහිදී සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍ර්‍රතිඵලවලට අනුව ඔහුගේ වයස අවුරුදු දෙකේ කුඩා දරුවාටද මෙම වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *