Cop at sentry near GR’s Mirihana residence arrested for shooting attempt on fellow cop

කෝටිපති දුවට පහරදුන් ආණ්ඩුකාර පුතා පැන ගිහින්

කොළඹ 6 හැව්ලොක් පාරේ නිවසකට බලහත්කාරයෙන් කඩාවැදී කෝටිපති  ව්‍යාපාරිකයකුගේ දියණියකට පහර දී මරණීය තර්ජනය‍ කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පළාත් ආණ්ඩුකාරවරයකුගේ පුතකු අත්අඩංගුවට ගැනීමට යාල ප්‍රදේශයේ සංචාරක හෝටලය වැටලූ අවස්ථාවේ දී සැකකරු පලාගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි.

සැකකරුගේ සුඛෝපභෝගී ජීප් රථය සහ ජංගම දුරකනය එහිදී පොලිස් බාරයට ගෙන ඇත.පහර කෑමට ලක්වූ එම කාන්තාව පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටී. ඕස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි 34 හැවිරිදි කාන්තාවක කළ පැමිණිල්ලක් අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුට එරෙහිව විදේශ ගමන් තහනමක්ද ගත් බව පොලිසිය කියයි.

සැකකරු කතරගම ප්‍රදේශයට ගොස් සිටින බවට ලද තොරතුරක් අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් යාල ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වැටලූ අවස්ථාවේදී ඔහු සොයා ගැනීමට නොහැකි වීමෙන් එහි රථ ගාලේ තිබී ඔහුගේ සුඛෝපභෝගී ජීප් රථය හා ඒ තුළ තිබූ ජංගම දුරකතනය පොලිස් බාරයට ගෙන ඇත. දෙදෙනා අතර කිසියම් අමනාපයක් මෙම සිද්ධියට මුල්වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *