කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම ඇනහිටී

කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අඩාල වී තිබේ.

කෝට්ටේ ජුබිලි තටාකයට ජලය රැගෙන යන ප්‍රධාන නල මාර්ගයක සිදු වූ බිඳ වැටීමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අඩාල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

අද (28)  අලුයම 3ට පමණ සිදුවූ බිඳවැටීම හේතුවෙන් කෝට්ටේ, කඩුවෙල, මහරගම සහ බොරලැස්ගමුව යන මහ නගර සභා බල ප්‍රදේශවලටත්, කොළඹ 05,07,08 ප්‍රදේශවලටත් අද පස්වරු 03 දක්වා ජල සැපයුම අත්හිටුවීමට සිදුවී ඇත.

අදාල කාලය තුළ කොළඹ 03,04,06 ප්‍රදේශවලට අඩු පීඩන තත්ත්වයන් යටතේ ජල සැපයුම සිදු කරන බව ද ජල සම්පාදන මණ්ඩලය පවසයි.

(උපුටා ගැනීම – අද දෙරණ/ Image – ceylon today)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *