කොළඹ ජංගම වෙළෙඳුන්ට

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම් කළ හැකි වන්නේ කොව්ඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ගෙනඇති වෙළෙඳුන්ට පමණක් බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි.

එන්නත් මාත්‍රා දෙකම නොගත් පුද්ගලයන් ජංගම වෙළෙඳාමේ නිරත වුවහොත් නිරෝධායන නීති යටතේ කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රදීප් යසරත්න මහතා ඒ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *