කොස් සහ පොලොස් සතුන්ට ආහාර ලෙස දීම අත්හිටුවයි.

නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පිහිටි පුද්ගලික ඉඩම් සහ රජයේ ඉඩම් වල වගා කර ඇති කොස් සහ පොලොස් කඩා හැටන් වටවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික සත්ව ගොවිපොලක සතුන්ට ආහාර වශයෙන් ලබාදිමේ වැඩපිලිවෙලක් නතර කිරිමට වහාම පියවර ගන්නා බව නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසිය.

එම සත්ව ගොවිපොලේ කිරි එලදෙනුන් විශාල සංඛ්‍යාවක් ඇති කරන බවත්, එම සතුන්ට අවශ්‍ය තෘණ , බඩ ඉරිගු  හිගය සහ පුන්නක්කු මිල ඉහල යාම හමුවේ එම සත්ව ගොවිපොලේ පාලන අධිකාරිය විසින් කොස් සහ පොලොස් මිල දි ගෙන ඒවා කුඩා කැබලි වලට කපා සතුන්ට ආහාර වශයෙන් දිනපතා ලබාදෙන බවයි වටවල ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කය තුල කොස් ගස් කැපිම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති අවස්තාවක එම සත්ව ගොවිපොල් පාලන අධිකාරිය විසින් ලොරි රථ සහ වාහන කිහිපයක් යොදා ගනිමින් දිස්ත්‍රික්කය පුරා පෞද්ගලික ඉඩම් සහ රජයේ රක්ෂිත වල වගා කර ඇති කොස් ගස් වල ගෙඩි කඩා දිනපතා මෙසේ සත්ව ගොවිපොල වෙත ප්‍රවාහනය කරන බවයි ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් තමන් වෙත ලද පැමිණිල්ලක් මත ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන රැසකම පදිංචිකරුවන් දැනුවත් කිරිමට පියවර ගත් බවත්, එම දැනුවත් කිරිමෙන් පසු එම සත්ව ගොවිපලට කොස් සහ පොලොස් මිල දි රැගෙන යාම පැමිණි වාහන කිහිපයක් ආපසු හරවා යැවිමට ගම්වාසින් පියවර ගෙන ඇති බවද එම නිලධාරියා පැවසිය.

දිනපතා විශාල අදායම් මාර්ගයක් ලබාගැනිමේ අරමුණින් එම සත්ව ගොවිපොල් ඇතැම් සේවකයින් සහ තවත් පිරිසක් එක්ව නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පමණක් නොව දිස්ත්‍රික්කයෙන් පිට පලාත් වලට ගොස් එම සත්ව ගොවිපොලට අවශ්‍ය කොස් සහ පොලොස් ඉතා අඩු මිලකට මිල දි ගෙන රැගෙන එන බවයි වටවල ප්‍රදේශවාසින් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *