මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කොස්ගොඩ තාරක නමැත්තාගේ හා ගගන නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු 34 හැවිරිදි ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර ඔහු ළග තිබී හෙරොයින් ග‍්‍රෑම් 01 යි මිලිග‍්‍රෑම් 170 ක් ද සොයා ගෙන තිබේ.
මෙම සැකකරුවා 2019 වසරේ පෙබරවාරි මස 22 වනදා මහරගම ප‍්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක ප‍්‍රධාන සැකකරුවෙකු බව ද අනාවරණ වී තිබේ. සැකකරු ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප්‍රශ්ණ කිරීමට නියමිත බව පොලිසිය පවසයි.