කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ අද පෙරවරු 11.00ට විශේෂ විවාදයක්

කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ අද පාර්ලිමේන්තුවේ දී විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතය.

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණි.

ඒ අනුව විපක්ෂයේ යෝජනාවක් මත කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අද පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *