සතියක් තුළ කොවිඩ් ආසාදිතයින් 11,000ක්

ගතවු සතිය තුළ කොවිඩ් -19 ආසාදිතයින් 11,000ක් සහ කොවිඩ් ආශ්‍රිත මරණ 54ක් මෙරටින් වාර්තා වී තිබේ.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව පසුගිය 27වනදා සිට ගතවු සතියේ සෑම දිනකම දෛනික ආසාදිතයින් දහසකට වැඩි පිරිසක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

ඊයේ දිනයේ ආසාදිතයන් 1,923 දෙනෙකු හඳුනාගත් අතර එය මෙරටදි එක්දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වෙයි.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 113,676ක් දක්වා ඉහළගොස් ඇත.

ඔවුන්ගෙන් 14,771 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

කොවිඩ් -19 ආසාදිතව මෙරට දී මියගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 709කි.

මියගිය පුද්ගලයින්ගෙන් 449 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 260 දෙනෙකු කාන්තාවන්ය.

මියගිය තැනැත්තන්ගෙන් සියයට 70කට වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන බවද වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *