කොවිඩ් සුවවී නිවසට පැමිණි පුද්ගලයෙකු තමන්ට හැකි පමණින් ගෙදරදොරේ ඒදිනෙදා සුළු වැඩ සිදුකිරීම ගැටළුවක් නොවන අතර අධික ලෙස මහන්සි නොවිය යුතු බව විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ බව පැවසුවේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති කොවිඩ් පිළිබද විශේෂ මාධ්‍ය හමුවේදී කොවිඩ් සෑදී රෝහල්ගතව සිට සුවය ලබා නිවසට පැමිණි පුද්ගලයෙකු ක්‍රියා කළ යුතු ආකාරය පිළිබදව මෙලෙස පැහැදිලි කරමිනි.
නිවෙසට ගිය පසුද ඇතැම් පුද්ගලයින්ට මාසයක පමණ කාලයක් යන තෙක් මද කැස්සක් පැවතීම සාමාන්‍ය වන අතර ඒ් සදහා ඉන්හේලරයක් භාවිතය ආදිය සිදුකළ හැකි අතර කැස්ස වැඩි වුවහොත් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීම වැදගත් බවද ඔහු කියා සිටියේය.