කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රුධිර සංචිත පහළ ගිහින්

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පවතින රුධිර සංචිත පහළ ගොස් තිබේ.

රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේ මේ වනවිට දෛනිකව රුධිර ඒකක 950ත් 1000ත් අතර ප්‍රමාණයක අවශ්‍යතාවක් පවතින බවය.

එම ප්‍රමාණය දෛනිකව සපයා ගැනීමට අපහසුවී ඇති බැවින් රුධිරය පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලෙස රුධිර පරිත්‍යාගශීලීන්ගෙන් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

011- 5 332 153 හෝ 011- 5 332 154 යන දුරකරථන අංක ඔස්සේ වේලාවක් වෙන්කරගෙන රුධිරය පරිත්‍යාග කිරීම සඳහා දිවයිනේ ඕනෑම රුධිර පාරවිලයන මධ්‍යස්ථානයක් වෙත පැමිණීමට අවස්ථාව ඇති බවද වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *