ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයෙකු පළාගොස් ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොළොන්නාව, මීතොටමුල්ල, විහාර මාවතේ බේකරියක සේවය කළ පුද්ගලයෙක් වන මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වීමත් සමගම පසුගිය 17 වැනිදා වාලච්චචේන පොලිස් වසමේ පිහිටුවා ඇති පුනානි කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා ඇත.
මෙම පුද්ගලයාගේ ස්ථිර ලිපිනය අංක 649 / බී, ආදාගොඩ, ඇහැළියගොඩ වන අතර 43 හැවිරිදි අයෙකි. ඔහු නම ෂෙල්ටන් ප්‍රේමරත්න වන අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවෙක් බවට ද වාර්තා වේ.
පහත ඡායාරූපයේ සඳහන් කොවිඩ් ආසාදිත පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
වාලච්චේන පොලිස් ස්ථානාධිපති – දුරකථන අංක 0718591138
හදිසි ඇමතුම් – 119