මේ වන විට ශ්‍රී ලංකාවේ දෛනික ව සිදුවන කොවිඩ් මරණ ගණන 170 සීමාවට පැමිණ තිබේ.
ඊයේ මෙරටින් වාර්තා වු කොවිඩ් මරණ ගණන 171කි.
එවන් තත්ත්වයක් තුළ බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ අද උදෑසන කොවිඩ් මරණ 8ක් සිදුව තිබුණි.
එම දේහයන් තැන්පත් කිරීමට තරම් ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීමෙන් අදාළ මරණ මෝචරියේ ට්‍රොලිවල දමා තිබෙන අයුරු අප වාර්තාකරුගේ කැමරා කාචයට හසුව තිබුණි.
බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ මෘත ශරීරාගාරය කුඩා වීමත් ශීතකරණ නොමැති වීමත් හේතුවෙන් මෙලෙස කොවිඩ් මළ සිරුරු තබා ගැනීමට අපහසු වී තිබේ.
කෙසේවෙතත් පසුව ඉන් මළ සිරුරු 4ක් බණ්ඩාරවෙල, දෙමෝදර හා හල්දුම්මුල්ල යන ආදාහනාගාරවලට රැගෙන ගොස් අවසන් කටයුතු සිදුකර ඇත.
මේ අතර බණ්ඩාරවෙල දිස්ත්‍රික් රෝහලේ දින තුනක සිට ප්‍රතිකාර ලබමින් සිටි බදුල්ල මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ගෝඩුන්නේ පියතිස්ස මහානායක හිමියන් කොවිඩ් ආසාදිතව අපවත් වුහ.
උන්වහන්සේ අපවත්වන විට 74 වන වියේ පසුවිය.