කොවිඩ් මරණ 144ක්

කොවිඩ් මරණ 144ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 144ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,296ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එම කොවිඩ් මරණ 144න් 67 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 77දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 122 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 21 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *