කොවිඩ් මරණ 132ක්

තවත් කොවිඩ් මරණ 132ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ දින තහවුරු කර ඇති එම මරණ 132ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 11,699ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 66 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 66 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

එම මරණ අතර අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *