මෙරට තරුණ තරුණියන් දහසකට ජපානයේ කෘෂිකාර්මික රැකියා

මෙරට තරුණ තරුණියන් 1,000කට ජපානයේ කෘෂිකාර්මික ගොවිපොළ රැකියා අවස්ථා ලබාදීමට ජපාන රජය එකඟ වී තිබේ.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර මහතාගේ මෙහෙයවීම මත මීට අදාළ අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට නියමිතය.

අද පෙරවරුවේ සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවකට සම්බන්ධ වූ ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර මහතා ඒ බව පැවසීය.

මෙම රැකියා අවස්ථා සඳහා තෝරාගනු ලබන තරුණ පිරිසට විදේශ සේවා නියූක්ති කාර්යාංශය සමඟ එක්වී අවශ්‍ය භාෂා පුහුණුව හා අදාළ වෙනත් පුහුණුවීම් සපුරාගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *