Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

කොවිඩ් මරණ 13,000 ඉක්මවයි

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව අද දිනයේ 13,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේ සිදුවු කොවිඩ් මරණ 55ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟය.

අද වන විට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,019ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම කොවිඩ් මරණ 55න් 17 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 38දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 38 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 15 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින්ය.

ඔබේ අදහස