කොවිඩ් පාලනයට බුත්තල, ඔක්කම්පිටිය නගරවාසීන් ගත් තීරණය

බුත්තල, ඔක්කම්පිටිය නගරයේ ඇති සියලුම වෙළෙඳසැල් අද පස්වරු 6 සිට තාවකාලිකව වසා තැබීමට වෙළෙඳසැල් හිමියන් තීරණය කර තිබේ.

ඔක්කම්පිටිය නගරය ආශ්‍රිතව පවතින දැඩි කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් එම පියවර ගෙන ඇති අතර ඇතැම් වෙළෙඳසැල් අද දහවල් කාලයේ දීම වසා දැමීමට කටයුතු කර තිබුණි.

ඊයේ දින ඔක්කම්පිටිය නගරයේ ජනතාවට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වී ඇති අතර බුත්තල ප්‍රදේශයේ සිදුකළ පීසීආර් පරීක්ෂණ 79කින් ආසාදිතයින් 72ක් හඳුනාගෙන තිබේ.

එම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ වෙළෙඳසැල් වසා දැමීමට තීරණය කර ඇති අතර, නැවත වෙළෙඳසැල් විවෘත කරන දිනයක් ඉදිරියේ දී ජනතාවට දැනුම් දෙන බව ඔක්කම්පිටිය වෙළෙඳ සංගමයේ සභාපති ඩී.එම්.පී.ජී දිසානායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *